උසස්පෙළ ව්‍යාපෘති වලින් අපේක්ෂා කල අරමුණු ඉටුවීද ?

W. S. P. වැල්ලවත්ත මහතා
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( සංවර්ධන )
මීගමුව කොටිඨාශ අධ්‍යාපන කාර්්‍යාලය.

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ සාර්ථක පුරවැසියන් බිහිකිරීමයි. ජීවිතයේ යහ පැවැත්ම ඉටුකර ගැනීමට ඉවහල් වන ක‍්‍රියාකාරකම්වල නිරත වීමට පුරුදු පුහුණු කිරීම පාසැල් අධ්‍යාපණය තුලින් සිදු කෙරේ. අධ්‍යාපන කි‍්‍රයාකාරකමක්, පාඩමක්, අභ්‍යාසයක් තුල ප‍්‍රධාන කුසලතා 05 ක් අඩංගුවේ.01. සන්නිවේදනය - තොරතුරක් නිවැරදිව ග‍්‍රහනය කර ගැනීමටත් එම තොරතුර නිවැරදිව තව කෙනෙකුට දැන්වීමටත් මෙම සන්නිවේදන කුසලතාවයෙන් බලාපොරොත්තු වේ.02. පරිසරය- පුද්ගලයා දැනුමෙන් වර්ධනය වන්නා සේම පරිසරයට ගැලපෙන හා පරිසර හිතකාමීව සිතීමට, කි‍්‍රයා කිරීමට පුරුදු පුහුණු කිරීම මෙහිදී බලාපොරොත්තු වේ. බොහෝ දෙනා විවිධ අංශ වලින් දැනුම ලබාගෙන ඇතත් පරිසරය ගැන සංවේදිතාවයක්, හුරුවක් නැත්නම් ඔවුන් විසින් පරිසරයට හානි වන අන්දමේ තීරණ ගැනීමට පෙළඹේ. උදාහරණයක් ලෙස, එක්තරා කාලයකදී සිංහරාජ වනාන්තරයේ ගස් කපා තුනී ලෑලි සෑදීමට එවකට සිටි නිලධාරින් පිරිසක් තීරණයක් ගෙන තිබුණි. මෙවැනි දෙයක් සිතට ඇතිවන්නේ ඔවුන් තුළ පරිසර සංවේදීතාවක් කුඩා කල සිට පුරුදු පුහුණු වී නොමැති නිසාය.
(වැඩි විස්තර සඳහා )

No comments: