බ්ලොග්ස් Blogs

මෙය හඳුන්වන්නේ දින සටහන් තැබීමේ කාර්යක් ලෙසයි. නමින්ම මෙය ඉතා සරළ ක‍්‍රියාදාමයකි. Web Log යන වචන වලින් Blogs යන නම මෙයට දී ඇත. මෙමගින් ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් තමන්ගේ අදහස්, මතවාද අත්දැකීම්, තමන් සොයා ගත් දෑ, පින්තූර ආදිය ප‍්‍රචාරය කර ගත හැක. මේ වන විට ලෝකයේ මිලියන 3. 5 ක් පමණ Blogs භාවිතා කරමින් සිටී. එයින් සියයට 55 ක් පමණ කි‍්‍රයාත්මක වේ.බ්ලොග්ස් මගින් තොරතුරු බෙදා හැරීම
( වැඩි විස්තර සඳහා )

උසස් පෙළ ව්‍යාපෘති සඳහා නව මඟක් සොයාගැනීමට අත්වැලක්

ප‍්‍රශ්ණ අංක 1
මීගමුව ප‍්‍රදේශයට අදාලව තොරාගතහැකි නව ව්‍යාපෘති ක්ෂේත‍්‍ර තිබේද ?
පිළිතුර 1
මීගමුව නගරය හා ආශ‍්‍රිත ප‍්‍රදේශය විවිධ ක්ෂේත‍්‍ර යටතේ නිරන්තරයෙන්ම වෙනස්වන හාරටටම විශේෂවන සිදුවීම්වලින් බහුලය. එමෙන්ම වසර 500 ක් කාලයක් තුළ විකාශනය වනක්ෂේත‍්‍ර පිළිබඳ ගවේශණය කිරීම අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් සහිතය. බොහෝ දෙනා යොමුවන ක්ෂේත‍්‍ර වල වුවත් අවධානයට ලක් නොවූ අංශ ප‍්‍රභේද බොහෝමයක් තවමත් අනාවරණය නොවී පවතී. වෙනත් අය අවසන් කළ ව්‍යාපෘතිම එම මාතෘකා යටතේම එම දත්ත හා තොරතුරුම භාවිතාකරමින් ලියන ව්‍යාපෘතිවලට සීමා නොවී නව මඟක් ගැනීමට කැමති හා ගවේශනාත්මක කාර්්‍යක යෙදීමට සොයන සිසුන් හට පර්යේෂණ කිරීමට හොඳ පසුබිමක් මීගමුව ප‍්‍රදේශය සපයයි.ආදර්ශ ව්‍යාපෘති ක්ෂෙත‍්‍රය -මිගමුව අලංකාර නගරයක් කිරීමට පාසැල් ළමුන්ගේ දායකත්වය

ප‍්‍රශ්ණ අංක 2
ව්‍යාපෘති සඳහා තොරතුරු ලබාගහැකි සම්මත ස්ථාන හා මූලාශ‍්‍ර වෙනුවට විකල්ප ස්ථාන මූලාශ‍්‍ර තිබේද ?
( වැඩි විස්තර සඳහා )

උසස්පෙළ ව්‍යාපෘති වලින් අපේක්ෂා කල අරමුණු ඉටුවීද ?

W. S. P. වැල්ලවත්ත මහතා
නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( සංවර්ධන )
මීගමුව කොටිඨාශ අධ්‍යාපන කාර්්‍යාලය.

අධ්‍යාපනයේ මූලික පරමාර්ථය වන්නේ සාර්ථක පුරවැසියන් බිහිකිරීමයි. ජීවිතයේ යහ පැවැත්ම ඉටුකර ගැනීමට ඉවහල් වන ක‍්‍රියාකාරකම්වල නිරත වීමට පුරුදු පුහුණු කිරීම පාසැල් අධ්‍යාපණය තුලින් සිදු කෙරේ. අධ්‍යාපන කි‍්‍රයාකාරකමක්, පාඩමක්, අභ්‍යාසයක් තුල ප‍්‍රධාන කුසලතා 05 ක් අඩංගුවේ.01. සන්නිවේදනය - තොරතුරක් නිවැරදිව ග‍්‍රහනය කර ගැනීමටත් එම තොරතුර නිවැරදිව තව කෙනෙකුට දැන්වීමටත් මෙම සන්නිවේදන කුසලතාවයෙන් බලාපොරොත්තු වේ.02. පරිසරය- පුද්ගලයා දැනුමෙන් වර්ධනය වන්නා සේම පරිසරයට ගැලපෙන හා පරිසර හිතකාමීව සිතීමට, කි‍්‍රයා කිරීමට පුරුදු පුහුණු කිරීම මෙහිදී බලාපොරොත්තු වේ. බොහෝ දෙනා විවිධ අංශ වලින් දැනුම ලබාගෙන ඇතත් පරිසරය ගැන සංවේදිතාවයක්, හුරුවක් නැත්නම් ඔවුන් විසින් පරිසරයට හානි වන අන්දමේ තීරණ ගැනීමට පෙළඹේ. උදාහරණයක් ලෙස, එක්තරා කාලයකදී සිංහරාජ වනාන්තරයේ ගස් කපා තුනී ලෑලි සෑදීමට එවකට සිටි නිලධාරින් පිරිසක් තීරණයක් ගෙන තිබුණි. මෙවැනි දෙයක් සිතට ඇතිවන්නේ ඔවුන් තුළ පරිසර සංවේදීතාවක් කුඩා කල සිට පුරුදු පුහුණු වී නොමැති නිසාය.
(වැඩි විස්තර සඳහා )